ප්ලාස්ටික් ආහාරයට ගන්නා සොෆෝබාස් මොරියෝ’ හෙවත් සුපිරි පණුවන් විශේෂයක් සොයාගෙන ඇත. ✍️
පසෙහි ජීර්ණය නොවෙන, පිළිස්සී නොයන ප්ලාස්ටික් නිසා අද ලෝකයෙ සිදුවන පරිසර හානිය මානව වර්ගයාට මෙන්ම සතුන්ටද විශාල බලපෑමකි. ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් වලින් සංවේදී පරිසර පද්ධති විනාශවීමේ අවධානම ද ඉහල ගොස් ඇත. මුලු මහත් ලෝකයටම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, බැහැර කිරීම ගැටලුවකි.
මේ සඳහා විසදුමක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ Queensland විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේ විප්ලවීය වෙනසක් ... moreප්ලාස්ටික් ආහාරයට ගන්නා සොෆෝබාස් මොරියෝ’ හෙවත් සුපිරි පණුවන් විශේෂයක් සොයාගෙන ඇත. ✍️
පසෙහි ජීර්ණය නොවෙන, පිළිස්සී නොයන ප්ලාස්ටික් නිසා අද ලෝකයෙ සිදුවන පරිසර හානිය මානව වර්ගයාට මෙන්ම සතුන්ටද විශාල බලපෑමකි. ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් වලින් සංවේදී පරිසර පද්ධති විනාශවීමේ අවධානම ද ඉහල ගොස් ඇත. මුලු මහත් ලෝකයටම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, බැහැර කිරීම ගැටලුවකි.
මේ සඳහා විසදුමක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ Queensland විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි පොලිතින් , ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණු විශේෂයක් සොයාගෙන තිබේ.
Sophobas morio Darkling කුරුමිණියන්ගේ කීටයන් තුලින් සැකසෙන මෙම සුපිරි පණුවන් සතු විශේෂ එන්සයිම ඇති බව විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. ප්ලාස්ටික් වලින් පෝෂණය වන එන්සයිම ඔවුන්ගේ සිරුරේ විශාල වශයෙන් දක්නට ලැබි තිබේ.
එක්සත් රාජධානියේ රසායන විද්‍යා සහ අණුක ජීව විද්‍යා පාසලේ ක්‍රිස් රින්ග් සහ ඔහුගේ කණ්ඩායම විසින් සුපිරි පණුවන් භාවිතා කරමින් සති තුනක අත්හදා බැලීමකදී මෙය සොයා ගෙන ඇත.
පනුවන් විවිධ කණ්ඩායම්වලට සකසා විවිධ ආහාර ලබා දීමෙන් මෙම පරීක්ෂණය සිදු කර තිබෙ. මෙහිදි පොලිතින්, ප්ලාස්ටික් කෑමෙන් පනුවන් දිවි ගලවා ගත් බවත් ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන් පවසා තිබේ.
පර්යේෂක කණ්ඩායම විසින් මෙම සුපිරි පණුවාගේ බඩවැලේ එන්සයිම කිහිපයක් සොයා ගන්නා ලදී. ඔවුන්ගේ බඩවැලේ පොලි ස්ටයිරීන් සහ ස්ටයිරීන් විනාශ කිරීමට ඇති හැකියාව විශේෂ වේ. රැගෙන යාමේ බහාලුම්වල භාවිතා කරන ප්ලාස්ටික් , පොලිතින් , මෝටර් රථ අමතර කොටස් වැනි අනෙකුත් ප්ලාස්ටික් ද්‍රව්‍ය ඔවුන්ට දිරවීමේ හැකියාව ඇති බව වාර්තා කරයි.