බදුල්ල නගරයේ ඉඳලා නැරබිය හැකි ස්තානය 7 ක් | A3BOOk

බදුල්ල නගරයේ ඉඳලා නැරබිය හැකි ස්තානය 7 ක්

1. දුන්හිඳ ඇල්ල

 

බදුල්ල නගරයේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර දුරින් පිහිටලා තියෙන ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම ගොඩක් ලස්සන දිය ඇල්ලක් තමයි මේ. මීටර් 64ක් විතර උස මේ ඇල්ලෙන් වතුර වැටෙන්නෙ හරියට දුම් පයිප්පෙකින් දුම් පිටවෙනකොට ඒක අනිත් පැත්ත හැරෙව්වා වගේ.

 
එන්ට්‍රන්ස් එකේ ඉඳලා කිලෝමීටර් 1.5ක් විතර ඇවිදගෙන ගියාම ඇල්ලට ළඟා වෙන්න පුළුවන්. ඒ යන අතරමඟදි වඳුරන්, ලස්සන කුරුළු විශේෂ වගේම අලංකාර සමනල්ලද බලාගන්න පුළුවන්. වනජීවීන් ගැන උනන්දුවක් දක්වන සංචාරකයින්ට නම් මේක නියම තැනක්. හැබැයි ඔවුන්ව දකින්න පුළුවන් වසරේ ජුනි – ජූලි කාල වලදී විතරයි. ඒ වගේම වතුර විශාල වශයෙන් පතනය වෙන නොවැම්බර් – මාර්තු අතර කාලෙ ආවනම් දිය ඇල්ල ගොඩක් ලස්සනට බලාගන්න පුළුවන්. ඒ මොකද වැසි කාලෙට වතුර පරිමාව ගොඩක් ඉහළ යන නිසා.
 
ඒ වගේම උමා ඔයට, හාල් ඔය හා තවත් කුඩා ගංඟා විශාල ප්‍රමාණෙකට ජලය සපයන මූලාශ්‍රයක් විදියටත් දුන්හිඳ ඇල්ල හඳන්වන්න පුළුවන්. මේ සියළුම දෑ අත්විඳින්න එහෙනම් එහෙට ගිහිල්ලම බලන්නකෝ.
 
 

2. බෝගොඩ ලී පාලම

 
බදුල්ල නගරයේ ඉඳලා කි. මි 7ක් විතර බටහිර පැත්ටට ගියාම කැටවාවල බෝගොඩ ප්‍රදේශයේ තමයි මේ ඓතිහාසික ලී පාලම පිහිටලා තියෙන්නෙ. පෞරාණික වටිනාකමක් ඇති මේ පාලම දවසේ ඕනෑම වෙලාවක නරඹන්න හැකියාව තිබෙනවා.16 වෙනි ශතවර්ෂයේ දඹදෙණිය යුගයේ ඉදිකළා යැයි සැලකෙන මේ ලී පාලමෙන් එම යුගයේ දැව ශිල්පයේ විශිෂ්ටත්වය මනාව පිළිබිඹු කරනවා.
 
ඒ වගේම මේකේ තියෙන තවත් විශේෂයක් වෙන්නෙ මේ පාලම හදන්න උපයෝගී කරගෙන තියෙන සියළුම ඇණ ලී වලින් හදපුවා වීමයි.
 
Places-you-must-visit-in-badulla-2.jpg?resize=800%2C500
 

3. උද්භිත උද්‍යානය – බදුල්ල

 
 
බදුලුපිටිය ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් මේ උද්භිත උද්‍යානය අලංකාර මල් වර්ග වලින් පිරුණු ලස්සන තැනක්. සංචාරය කරන අය අතර වැඩිය ජනප්‍රිය තැනක් නොවුනත් බදුල්ලෙ යනවනම් අනිවාර්යෙන්ම යන්න ඕනෙ තැනක්. ෆොටෝස් ගන්න ලස්සන ලොකේශන්ස් වගේම විශාල ෆ්ලවර් හවුස් හදලා තියනවා මේකෙ.
 
සතියෙ දවස් 7ම උදේ 7 ඉඳලා හවස 7 වෙනකල් ඕනම කෙනෙක්ට විවෘතයි මේක.
 

4. නමුණුකුල කන්ද

 
නමුණුකුල කන්ද කියන්නේ කෑම්පින් වලට කියාපු ප්ලේස් එකක්. මීටර් 2035ක් විතර උස මේ කන්ද නගින්න යන එක ඇත්තටම සුන්දර අත්දැකීමක් කිව්වොත් නිවැරදියි. වැස්ස අඩු කාලෙට නම් කූඩැල්ලන්ගෙන් ලොකු කරදරයක් නෑ. කන්ද නගින්න ලේසිම පාර බදුල්ල-පස්සර මාරගයේ 3 වෙනි සැතපුම් කණුව ළඟින් හැරිලා යන්න ඕන.
 
ග්ලේනපිල් වතුයාය කිට්ටුවටම වාහනයේ යන්න පුළුවන්. ඒ යන පාර කොච්චර ලස්සනද කියලා ගිහින්ම බලන්නකෝ. කෑම්පින් යනවනම් අවශ්‍ය කරන හැමදේම විශේෂයෙන් වතුර අරං යන්න. ඒ වගේම ගිහින් එනකොට ඔයාලගෙ පා සටහන් විතරක් තියලා එන්නත් අමතක කරන්න එපා.
 

5. පුන්චි සිරීපාදය

ඇල්ල කියන්නෙ සංචාරකයින් වගේම හයිකින් වලට යන අයගෙ ජනප්‍රියම ස්ථානයක්නේ. ඒ පැත්තෙම තියෙන පුංචි සිරීපාදෙ බලන්නත් එහෙ යන අය ගොඩක් කැමතියි. ලොකූ වෙලාවක් නොයා මේ තැනට ළඟා වෙන්නත් පුළුවනි. ඒ වගේම උඩටම ගියාම හිතාගන්නවත් බැරි ලස්සන වීව් එකක් තමයි තියෙන්නෙ.
 
මීටර් 1141ක් උසයි මේ තැන. මේ තැනට යන ගමන ගස්කොළන් ඒ වගේම දිය ඇලි වලින් පිරුණු ගොඩක් ලස්සන මඟක තමයි යන්න තියෙන්නෙ. ඒවගේම මතක තියාගන්න මේ ගමනෙදි හම්බවෙන ගස්වැල්, මල් සතුන්ට කිසිම හිංසාවක් නොකර ගමනෙ යෙදෙන්නත්. මෙතැනට ගියාම ලැබෙන එක්ස්පීරියන්ස් එක වචනෙන් කියන්න බැරි තරම් ලස්සන නිසා අපි හැමෝටම කියන්නෙ ගිහිල්ලම බලන්න කියලා.
 
ඇල්ල ගලට ඉස්සරහින් තමයි මේ පුංචි සිරිපාදේ තියෙන්නෙ. උදේට හිරු පායන හැටි බලන්න හොඳම තැනක් වගේම හිරු බහින හැටි බලන් ඉන්න තමා මෙතනට යන අය ගොඩක් ආස කරන්නෙ. ඒ වගේම මෙතනට යනවනම් ඉරපායන්න කලින් යන්න. නැත්තන් දවල් වෙනකොට ගමන ඔයාලට වෙහෙසකර වෙන්න පුළුවන්. ඒ වගේම තේ දළු නෙලන අම්මලා බල බල, තේ වතු පහු කරගෙන කඳු මුදුනටම යන්න ඕනෙ. තව දේවල් කිව්වොත් නම් ගමනෙ අගයක් නැතිවෙයි. ඒ නිසා කට්ටිය සෙට් කරන් මෙතනට ගිහිල්ලම බලන්නකෝ.
 

6. ඇල්ල ගල

හයිකින් වලට ආස නංගිලා මල්ලිලාට ඔන්න නියම ප්ලේස් එකක් තියනවා. ගල නගිනවා වගේම ගල උඩ කෑම්පින් වලටත් අවස්ථාව තියෙනවා. ඒත් වර්තමානය වෙනකොට එතනට යන අපේ කට්ටිය කරන සමහර දේවල් නිසා මේ ලස්සන තැන විනාශ වෙමින් තියෙන්නෙ. යන කවුරු උනත් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න.
 
වටේ බල බල ෆොටෝස් ගගහා ඇල්ල ගල නගිනවනම් පැය දෙකකට ආසන්න කාලයක් යනවා. බහින්න නම් විනාඩි 15ක් වගේ තමා යන්නේ. ඇල්ල ස්ටේෂන් එකෙන් ගමන පටන් ගන්නවනම් රේල් පාර දිගේ ඇවිදගෙන ගිහිල්ලා ඇල්ල ගල නගින්නත් පුළුවන්. ගල නගින්න තියෙන්නෙ දියඇලි, රබර් වතු වගේම තේ වතු වලින් පිරුණු පාරකයි. වැසි සහිත කාලවලදි නම් පාර ටිකක් ලිස්සනසුළු නිසා පරිස්සමින් යන්න ඕනෙ.
 

7. ආරුක්කු 9 පාලම දෙමෝදර

 
කිට්ටුව මේ මහා ප්‍රතාපවත් පාලම ඔයාලට බලාගන්න පුළුවන්. අද වෙනකොට සංචාරක පාරාදීසයක් වෙලා තියෙන මෙතන විදේශිකයන් බොහොමයක් යන්න ඇලුම් අරන තැනක්. ට්‍රේන් එකේ ගිහිල්ලා බැහැලා රේල් පාරදිගේ හෝ ටුක් එකකින් රු 200ක් වගේ දීලා නැත්තන් කැළෑව හරහා පාරකින් හෝ මේ තැනට ගිහිල්ලා ඈත ඉඳලා එන උඩරට මැණිකේ හරි පොඩි මැණිකේ හරි එනකල් බලා ඉන්න අපේ අය ගොඩක් ආසයි. ඒ වගේම ඒ අවට ඉතා ලස්සන කැළේකුත් තියෙනවා.
 
හැබැයි මේ යන ගමන ගොඩක් පරිස්සමින් යන්න ඕනෙ එකක් මොකද දුම්රිය එන පාරක් ළඟට යන නිසාත් මේ හරියේ ගොඩක් කූඩැල්ලො ඉන්න නිසාත්. කැමති කෙනෙක්ට මේත් එක්කම ගිහින් දෙමෝදර රේල් ගැටේත් බලලම එන්න පුළුවන්.
 
Posted in Cultural on September 27 2022 at 06:49 PM
Comments (0)
No login
gif
Login or register to post your comment