ඇල්ල බදුල්ල සවාරිය | A3BOOk

ඇල්ල බදුල්ල සවාරිය

 
 
ඇල්ල කියන්නෙ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි අලංකාර කුඩා නගරයක්. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර 1041ක් පමණ වේ. 'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් විදේශිකයෝ සංඛ්‍යාවක් දවසකට මේ ස්ථාන බලන්න එනව. ඇල්ලේ යද්දී කෝච්චියේ යනවනම් මාරම ලස්සන විව්  එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම ඇල්ල අවට බලන්නත් ලස්සන තැන් ගොඩක්ම තියෙනව.

අපි නම් ඉස්සෙල්ලම ගියේ හපුතලේ. ඊටපස්සේ ලිප්ටන් ශීට් ගිහින්, ඇඩිශම් බංගලාව. ඊලග දවසෙ ගියේ පුංචි සිරිපාදෙයි, ඇල්ල රොක් එකයි. ඊටපස්සේ දවසෙ ඇල්ලේ ඉදන් දෙමෝදරට රේල් හයික්  එකක් යනගමන් ආරුක්කු නවයේ පාලමත් බලල ආවෙ. දෙමෝදර railway loop එක ගොඩක් අය මිස් කරන තැනක්. ඒ, එකම කන්දේ දුම්රිය රවුමක් ගිහින් එන ලංකාවේ එකම ස්ථානය. ම්ම්.. තව බලන්න නම් තැන් තියෙනව. දෝව පන්සල, රාවණා ඇල්ල, බෝගොඩ පාලම, රාවණා ගුහාව වගේ ගොඩක් තැන් තියෙනව බලන්න නම්.

ලිප්ටන් ශීට්:
ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ  සුන්දරම තැන් වලින් එකක්.   ලංකාවේ තේ ලෝකය හදුනන්නේ ‘ලිප්ටන් තේ’ කියලයි.  ලිප්ටන් ගේ තේ වත්ත තියෙන්නේ හපුතලේ දඹේතැන්න – බණ්ඩාරවෙල පූනාගල අතර කදු ඉස්මත්තාවේ.

ඇඩිශම් බංගලාව:
1931 ඉංග්රීසි ජාතික වතු කම්කරුවෙකු වු තෝමස් ලිස්ටර් විල්යස් මහත්තයා කළු ගලින් හදපු මාලිගාව තමයි මේ එඩිශම් කියන්නේ,ගියොත් නම් එංගලන්තයට ගියා වගේ හැගීමක් ඔයාලටත් දැනෙවී, තංගමලෙ අභයභුමිය ඔස්සේ තමයි මේ සුන්දර මන්දිරයට ලගා විය හැකි වන්නෙ,වාහනයකින් යනවා නම් පහසුවෙන් මේ ස්ථානයට ලගා වෙන්න පුලුවන්.

පුංචි ශ්‍රීපාදය:
ඇල්ල ගල කන්දට ඉස්සරහින් පේන කන්ද තමයි පුංචි ශ්‍රීපාදය කියන්නෙ. පුංචි ශ්‍රීපාද කඳු මුදුනෙයි ශ්‍රීපාද කඳු මුදුනෙයි දෙකේම අංශක 360ක දර්ශන පථයක් තියෙන එක ලොකු විශේෂත්වයක්. හිමිදිරි ඉර සේවය දැක බලා ගන්නත් මෙතන කියාපු තැනක්. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් හරි ලස්සනට මෙතනට පේනවා. උස අඩි 400ක් විතර වුනත් ඇල්ල ටවුමෙ ඉඳන් කඳු මුදුනට තියෙන කිලෝමීටර 3ක යන්න අඩුම තරමෙ පැයක්වත් ගත වේවි.

ඇල්ල ගල:
පූනාගල කඳු වැටියෙ අවසාන භාගයේ පිහිටලා තියෙන 'ඇල්ල ගල' කන්දෙ විශේෂත්වය තමයි ෆයිනස් කැලේ මැදින් කන්ද මුදුනටම නැගල අවට සිරි නැරඹුවට පස්සෙ කඳු බෑවුමේ, නැම්මක් එක්ක පිහිටලා තියෙන අයිනට බැස්සාම දිස්වෙන ත්‍රාසය මුසු පුළුල් දර්ශන පථය. අඩි 500කට ආසන්න උසක් තියෙන මේ කන්ද නගින්න ගත වෙන්නෙ පැයක් එක හමාරක් වගේ.

දෙමෝදර ආරුක්කු නවයේ පාළම:
ඇල්ල දුම්රිය පොළෙන් රේල් පාරට බැහැල දකුණු පැත්තට ඇවිදන් යන්න. දුර කිලෝමීටර 3කට ආසන්නයි. පැයක් යන්න කලින් ආරුක්කු නවයෙ පාළමට ලඟා පුළුවන්. බස් එකක යනවට වඩා මාරම ආතල් ගමනක් මේක.

සුන්දර පරිසරයේ අසිරිය විදගන්න ගමන් ම එම පරිසරය රැක ගැනීමටද දායක වන්න.
Posted in Social on September 27 2022 at 08:34 PM
Comments (0)
No login
gif
Login or register to post your comment