කාල තරනයේ යශෝරා -  The Future Yashora ( කාව්‍ය කෙටි චිත්‍රපටය ලගදීම) | A3BOOk

කාල තරනයේ යශෝරා -  The Future Yashora ( කාව්‍ය කෙටි චිත්‍රපටය ලගදීම)

Posted by Admin in Music on December 24 2024 at 02:11 PM  ·  Public
ලගදීම බලාපොරොත්තු වන්න
you tube - https://www.youtube.com/@a3bookcom264

කාලතරනයේ යශෝදරාවකගේ මුසුන් ප්‍රර් තනා කවි
ගායනා - මල්ෂා දෙව්ෂානි සෙනරත්
රචනය - නිෂ්පාදය - a3book.com සමාගම

• දෛයිවයේ අනුහසින් මතු බුදුවනා තවුසානෝ දැක පාරමී පුරන්න උරදෙන්න සිතන...
• කාලතරනයේ යාශෝදරාවකගේ සිත සිතුවිලි සහ ඇගේ දුක් වේදනා ලෝක සත්වයා වේනුවෙන් මේසේ තිලින කරයි.

• ඇය මේසේ සිතන්නේ රාගයේ ගිණි දැල් වෙනුවට විරාගයේ අනුරාගය මතින් සැනසෙනා උතුම් වූ පතිනියක විලසිනි.

• කාලයේ වැලිතලාවෙන් වැසී ගිය යට ගිය දවසක මාගේ ආත්මය නුබ වෙනුවෙන් ආත්මීය පූජාසනයක් තනා දුන්නේමි.

• ඒ පුදසුන ගුණ ධර්ම නැමති පුෂ්ප සුගන්දයෙන් මා දෝවනය කරමින් නුබගේ උත්තරීතර ප්‍රේමයෙන් මාගේ නිර්මල ආත්මය මේ භවය දක්වා ගෙනවිත් නුබ පාමුල තබමි.

• මා නුබගේ ඇට මස් ලේ නහර වලට නොව වාතලයේ විසිරී ගිය ආත්මීය ගුණ සුගන්දයට ප්‍රේමය කරමි.

• කාමය නැමැති රුදුරු ගිණි ඇවිලෙනා ස්ත්‍රීයකගේ සැලෙන සිත හමුවේ විරාගයේ ප්‍රතිමූර් තිය බදු යශෝධරාවක වන්නට අටලොස් වැදෑරුම් ගුණ පුරණා අපේ කාලයේ වනිතාවකගේ හදේ උපන් මුසුන් ප්‍රර්තනාවන්ට උත්තමාචාරය වේවා.
347 views
Comments (9)
No login
gif
Login or register to post your comment
News 
අප මන වෙහෙස විද විද ගොඩ නගන ලද..
නිකැළැල් හදේ ප්‍රේමය දස අත ගලන ලද..
තුරුලට ගෙනත් හද මඩලට තුරුලු කර.
දෙනු මැන ප්‍රියේ දිය දෝතක් හඬ ගා දෙතොල් මන.
News 
තණ්හා නැමති ගොර මරුව පර දන්න.
දුක්ඛිත සසර කතරින් සත මුද යන්න.
ඇස්, ඉස්, මස්, පුදා මතු දා බුදු වන්න.
වස් නැත ප්‍රියේ අඩුවක් අරති පුර වන්න.
News 
තනිවම වාමි මෙපමන කල් සසර දිඟ.
කල මහ කුසල් ඇත බුදුවන සසර අඟ.
එකමග යන්න සිතුවත් පෙරදා සසර මඟ.
මුනිවත ඇයි ප්‍රියේ අපමණ සෙනෙහෙ ගඟ.
Admin 
කාමය සිදුණි නුබේ සෙනෙහස දුටුව දිනේ.
වළලා දමමි ⁣නුබ නැති නම් කාම ගිණි.
ඉවසා සිටිමි නුඹ යන දා ගමන සරි.
එනු මැන ප්‍රියේ පෙරළා මා වෙම යලි.
Admin 
ආවෙම් දිගු සසර පුරමින් දස පාරමිතා.
වෙහෙසය ප්‍රියේ තව යන්නට දිගු ගමනක් උප පාරමිතා.
දුටු ද, නුඹේ ප්‍රේමය දිගු බව මා පෙරදා පාරමිතා.
පරදා සැණින් එනු මැන එක මඟකට දස පාරමිතා.
Admin 
සිහින දුටිමි, සිහින සෑබැ කරවිනි.
සැමදාමත් නුඹේ පැතුමන් සිතින් දරා.
එන්නෙමි සසර පාද පරි චාරිකා කරා.
සොළොස් වැදෑරුම් සපුරා සසර පුරා.
එන් නෙමි දනට සැමා ඔබේ යශෝදරා.
ප්‍රේමය පිරුණු හද මැදුරක පහස දරා.
බුදු බව ලබන්නට ලෝකයේ දුකම දරා.
නිල් මනෙල් මලක් ගෙනවිත් දෝත දරා.
පුදදෙණු මැනවි හද විල මගේ යශෝදරා.
Lassanai ♥️🙏