කාල තරනයේ යශෝරා -  The Future Yashora ( කාව්‍ය කෙටි චිත්‍රපටය ලගදීම) | A3BOOk

කාල තරනයේ යශෝරා -  The Future Yashora ( කාව්‍ය කෙටි චිත්‍රපටය ලගදීම)

Posted by Admin in Music 1 day, 9 hours ago  ·  Public
ලගදීම බලාපොරොත්තු වන්න
you tube - https://www.youtube.com/@a3bookcom264

කාලතරනයේ යශෝදරාවකගේ මුසුන් ප්‍රර් තනා කවි
ගායනා - මල්ෂා දෙව්ෂානි සෙනරත්
රචනය - නිෂ්පාදය - a3book.com සමාගම

• දෛයිවයේ අනුහසින් මතු බුදුවනා තවුසානෝ දැක පාරමී පුරන්න උරදෙන්න සිතන...
• කාලතරනයේ යාශෝදරාවකගේ සිත සිතුවිලි සහ ඇගේ දුක් වේදනා ලෝක සත්වයා වේනුවෙන් මේසේ තිලින කරයි.

• ඇය මේසේ සිතන්නේ රාගයේ ගිණි දැල් වෙනුවට විරාගයේ අනුරාගය මතින් සැනසෙනා උතුම් වූ පතිනියක විලසිනි.

• කාලයේ වැලිතලාවෙන් වැසී ගිය යට ගිය දවසක මාගේ ආත්මය නුබ වෙනුවෙන් ආත්මීය පූජාසනයක් තනා දුන්නේමි.

• ඒ පුදසුන ගුණ ධර්ම නැමති පුෂ්ප සුගන්දයෙන් මා දෝවනය කරමින් නුබගේ උත්තරීතර ප්‍රේමයෙන් මාගේ නිර්මල ආත්මය මේ භවය දක්වා ගෙනවිත් නුබ පාමුල තබමි.

• මා නුබගේ ඇට මස් ලේ නහර වලට නොව වාතලයේ විසිරී ගිය ආත්මීය ගුණ සුගන්දයට ප්‍රේමය කරමි.

• කාමය නැමැති රුදුරු ගිණි ඇවිලෙනා ස්ත්‍රීයකගේ සැලෙන සිත හමුවේ විරාගයේ ප්‍රතිමූර් තිය බදු යශෝධරාවක වන්නට අටලොස් වැදෑරුම් ගුණ පුරණා අපේ කාලයේ වනිතාවකගේ හදේ උපන් මුසුන් ප්‍රර්තනාවන්ට උත්තමාචාරය වේවා.
154 views
Comments (2)
No login
gif
Login or register to post your comment
ප්‍රේමය පිරුණු හද මැදුරක පහස දරා.
බුදු බව ලබන්නට ලෝකයේ දුකම දරා.
නිල් මනෙල් මලක් ගෙනවිත් දෝත දරා.
පුදදෙණු මැනවි හද විල මගේ යශෝදරා.