Humanoid TESLA BOT
Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධි තාක්ෂණයේ නව පෙරලියක් කිරීමට TESLA සමාගමේ CEO වන ලොව අංක එකේ බිලියනපතියා ELON MUSK කටයුතු කරයි. 2021 අගෝස්තු 31 පැවතුණු TESLA සමාගමේ AI DAY හිදී ඔහු සහ ඔහුගේ AI තාක්ෂණික කණ්ඩායම විසින් 2022 වසරේ දී TESLA BOT හෙවත් OPTIMUS නම් රොබෝ මූලාකෘතියක් (PROTOTYPE) නිපදවන බව ප්රකාශ කෙරිණි.
එහි ප්රතිපලයක් ලෙස 2022 සැප්තැම්බර් 30 වන දින ඇමරිකාවේ කැලිෆෝනියාහි TESLA සමාගමේ සිට සජිවීව විකාශනය කෙරුණු TESLA AI DAY 2022 දී TESLA BOT ගේ මූලාකෘති... moreHumanoid TESLA BOT
Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධි තාක්ෂණයේ නව පෙරලියක් කිරීමට TESLA සමාගමේ CEO වන ලොව අංක එකේ බිලියනපතියා ELON MUSK කටයුතු කරයි. 2021 අගෝස්තු 31 පැවතුණු TESLA සමාගමේ AI DAY හිදී ඔහු සහ ඔහුගේ AI තාක්ෂණික කණ්ඩායම විසින් 2022 වසරේ දී TESLA BOT හෙවත් OPTIMUS නම් රොබෝ මූලාකෘතියක් (PROTOTYPE) නිපදවන බව ප්රකාශ කෙරිණි.
එහි ප්රතිපලයක් ලෙස 2022 සැප්තැම්බර් 30 වන දින ඇමරිකාවේ කැලිෆෝනියාහි TESLA සමාගමේ සිට සජිවීව විකාශනය කෙරුණු TESLA AI DAY 2022 දී TESLA BOT ගේ මූලාකෘතියක් එලිදැක්වුනි.
TESLA BOT (OPTIMUS) වේදිකාවට පැමිණ එහි වූ ප්රේක්ෂකාගාරයට අත වනා ඒ මත ඇවිද ගිය අතර ඊට අමතරව video දර්ශන මගින් OPTIMUS විසින් ශාක වලට වතුර දමන ආකාරය , භාණ්ඩ රැගෙන යන ආකාරය හා metal bar ඔසවන ආකාරය පෙන්විය ඇතුළුව TESLA BOT පිළිබඳ පූර්ණ තාක්ෂණික හැඳින්වීමක් සිදු කෙරිණි.
ඉදිරි වසර 3 හෝ 5 ඇතුලත මෙම OPTIMUS රොබෝවරු විශාල වශයෙන් නිපදවීමට අපේක්ෂා කරන බවත් TESLA AUTONOMOUS DRIVING CAR වලට වඩා මෙම TESLA BOT මිනිසා අතර යනු ඇති බවත් එහිදී ELON MUSK ප්රකාශ කරන ලදී.
මෙලෙස නිපදවන රොබෝවරු පළමුව TESLA සමාගමේ කර්මාන්ත ශාලා තුල සේවයට යොදවන බව ඔහු ප්රකාශ කරන ලදී.
තවද ELON MUSK පවසන ආකාරයට අනාගතයේ මෙම රොබෝවරු මිනිසාගේ සමීප කටයුතු වන නිවසේ එදිනෙදා කටයුතු වලට මෙන්ම මිනිසාගේ ලගම හිතවතෙක් ලෙස කටයුතු කරනු ඇතැයිද , ලිංගිකව හැසිරීමට පවා සහකරුවෙකු වනු ඇතැයිද, එසේ මිනිසාට සමීප රොබෝවරයෙකු වීමට තරම් මෙම TESLA BOT ඉදිරියේ දී වැඩිදියුණු කරනු ඇතැයිද සදහන් කෙරිණි.
"Musk has said that in the future robots could be used in homes, making dinners, mowing the lawn and caring for the elderly, and even becoming a “buddy” for humans or a sex partner"
TESLA AI DAY 2022 : https://youtu.be/ODSJsviD_SU
2035 වසරේදී ලොව සිදුවන තාක්ෂණික වෙනස පිළිබඳ 2004 වසරේදී එලිදැක්වුනු I ROBOT චිත්රපටයේ සිටින animated රොබෝවරයාට TESLA සමාගම මගින් නිපද වූ හා තවදුරටත් වැඩිදියුණු කිරීමට යෝජිත TESLA BOT ට බොහෝ සෙයින් සමාන වේ.
I ROBOT MOVIE TRAILER : https://youtu.be/7Dlo-VB0-HI
©kaantha_ekanayake
#tesla_bot
#future
#robot