Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
file_download
Pay downloads PDF
home
Home
quiz
Quizzes
emoji_events
Contest
switch_video
Videos
poll
Poll
event_repeat
Events
grid_view
Blogs
post_add
Post Your Ad
install_mobile
App Mobile
ads_click
Ads
music_note
Musics
topic
Topics
class system info
harshamadhawah@gmail.com
shared
Mahesh Chathuranga
's
post
on July 25 2022 at 11:24 AM
Edited
public
Mahesh Chathuranga
on July 23 2022 at 08:37 PM
ලෝක යුද්ධයේ ගමන්මග වෙනස් කල තිමූර්ගේ සොහොන්ගැබේ ශාපය..............
මේක සෝවියට් දේශයෙන් පටන්ගෙන බර්ලීනයෙන් ඉවර වෙන ඉතිහාසයේ තැන් දෙකක් එකිනෙක සම්බන්ධ කරන අත්භූතවාදී, මතභේදාත්මක නමුත් සත්‍යය කතාවක්.ඉතිහාසය පොත්වල කවදාවත් කියල දීපු නැති විදියෙ කතාවක්.මේ තමයි තිමූර්ගේ ශාපයේ කතාව.
ඒ කාලෙ සෝවියට් සමූහාණ්ඩුව පාලනය කලේ ජෝස්ෆ් ස්ටාලින් විසින්.1941 මාර්තු මාසෙ දවසක ස්ටාලින් සෝවියට් දේශයේ හිටපු දක්ෂ මානව විද්‍යාඥයෙක් සහ පුරාවිද්‍යා ගවේශකයෙක් වුන "මිකායිල් ගෙරසිමොව්" (Mikhail Gerasimov) කැඳවලා ව...
more
ලෝක යුද්ධයේ ගමන්මග වෙනස් කල තිමූර්ගේ සොහොන්ගැබේ ශාපය..............
මේක සෝවියට් දේශයෙන් පටන්ගෙන බර්ලීනයෙන් ඉවර වෙන ඉතිහාසයේ තැන් දෙකක් එකිනෙක සම්බන්ධ කරන අත්භූතවාදී, මතභේදාත්මක නමුත් සත්‍යය කතාවක්.ඉතිහාසය පොත්වල කවදාවත් කියල දීපු නැති විදියෙ කතාවක්.මේ තමයි තිමූර්ගේ ශාපයේ කතාව.
ඒ කාලෙ සෝවියට් සමූහාණ්ඩුව පාලනය කලේ ජෝස්ෆ් ස්ටාලින් විසින්.1941 මාර්තු මාසෙ දවසක ස්ටාලින් සෝවියට් දේශයේ හිටපු දක්ෂ මානව විද්‍යාඥයෙක් සහ පුරාවිද්‍යා ගවේශකයෙක් වුන "මිකායිල් ගෙරසිමොව්" (Mikhail Gerasimov) කැඳවලා විශේෂ රාජකාරියක් භරදෙනවා.ඒ තමයි ඈත උස්බෙකිස්තානයේ සමර්කාන්ඩ් නුවර පිහිටලා තියෙන එක්තරා සුවිසේෂී සොහොන් ගැබක් ගවේශණය කරන එක. මේ සොහොන් ගැබේ වසර 500ක පමණ කාලයක් පුරාවට භාහිර ලෝකයෙන් සුළං රොදක තරමේ බලපෑමකින් නොවන පරිදි තැන්පත් කර තිබුනේ තිමූර් හෙවත් ටර්මලින්(Tumerlane)නම් තුර්කි මොංගෝලියානු අධිරාජ්‍යයෙකුගේ දේහයක්.
තිමූර් කියන්නේ ඉතිහාසයේ ජීවත් වූ දහස් ගණනක් රජුන් අතරින් තවත් එක් රජෙක් විතරක් නෙමෙයි.14 වෙනි සියවසේදී යම් නාමයක් ඇසූ පමණින් ලෝකයක් බියෙන් සලිත වුනා නම් ඒ නමේ හිමිකරුවා වුනේ තිමූර්.ඔහු එදා මෙදාතුර ලෝකයා දැකතිබූ අතිශයින්ම බිහිසුනු රණකාමී පාලකයෙන් වගේම දරුණු ඝාතකයෙක්.
මොංගෝලියානු මහා අධිරාජ්‍යය ගෙංගිස් කාන්ගේ රුධිර පෙලපතකින් පැවත ආ තිමූර් ඔටුන්න හිස ලා ගත් සැනින්ම සිතාගත්තේ ඒ වන විට කැබලි වලට බෙදී විනාශ වී ගොස් තිබූ මොංගෝලියානු අධිරාජ්‍යය, තමන්ගේ මුතුන් මිත්තෙකු වූ ශ්‍රේෂ්ඨ ඛාන්ගේ සමයේදි තිබූ අයුරිම යලිත් ප්රතිශ්ඨාපනය කරන්න.ඇත්තෙන්ම ගෙංගිස් ඛාන් තරමටම නැතත් තිමූර්ට පුළුවන් වුනා ඒ සිහිනයට යන්න.තමන්ගේ නම රුධිරයෙන් ඉතිහාස පොතේ ලියන්න.අතිදක්ෂ යුධ සැලසුම් කරුවෙකු වුන තිමූර් තමන්ගේ හමුදාවන් මෙහෙයවලා මුලු මධ්‍යය ආසියාව පුරාම විශාල ආක්‍රමණ රැල්ලක් ක්‍රියාත්මක කරා. ගෙංගිස් ඛාන්ගෙන් පසුව ආයෙමත් යුරේශියානු භූමියේ ප්රචණ්ඩත්වයේ සුළි කුණටුව තිමූර් සමගින් හමාගියා.වර්තමාන උස්බෙකිස්තානය,කසකස්තානය,ඉරානය,ඉරාකය,කුවේටය,තුර්කිය,ඉන්දියාව,පකිස්තානය සහ රුසියාවේ කොටසක් ඇතුළුව මධ්‍ය ආසියාවේ විශාල ප්‍රදේශයක් ආක්‍රමණය කරල විශාල අධිරාජ්‍යයක් නිර්මාණය කරන්න ඔහුට හැකිවුනා.ඔහු කොයි තරම් දරුණු පාලකයෙක්ද කියන එකට හොඳම උදාහරණයක් තමයි ඉන්දියාවේ දිල්ලි සුල්තාන් අධිරාජ්‍යය ආක්‍රමණය.ඒ වෙද්දි ලෝකෙ තිබුණු ධනවත්ම නගරයක් වුන දිල්ලිය සහමුලින්ම විනාශ කල තිමූර් නගරයේ ජීවත්වූ සෑම මිනිසෙකුම මරා දමන්න නියෝග කරනවා.තිමූර්ට පුරුද්දක් තිබුනා තමන් අතින් ඝාතනය වුන මිනිස්සුන්ගෙ ශීර්ෂ(හිස් කබල්) එකතු කරන.ඉන්දියානු සටනෙන් පස්සෙ ඒ වගේ එකතු කරපු හිස් 17000ක් එකිනෙක ගොඩගසා කුඩා මිනිස් හිස් පිරමීඩයක් තිමූර් විසින් සෑදූ බව කියවෙනවා.
මේ අති බිහිසුණු පාලයකයා පය තබන්නේ කොහෙද ඒ සමගම ඔහු විනාශයද කැටුව යන නිසා "විනාශයේ කුමාරයා"
Prince of destruction) කියන අන්වර්ථ නාමයක්ද තිමූර්ට පටබැඳී තිබුනා.තම සංග්රාම සමයේ තිමූර් විසින් මිලියන 17ක් මිනිස් ජීවිත මාරයා වෙත යවන්නට සමත්වුනා.ගණන් බලා ඇති පරිදී ඒ එවක ලෝක ජනගහනයෙන් 5%ක ප්‍රතිශතයක්.
කොයිතරම් දක්ෂ යුධ සැලසුම් කරුවෙක් වුනත් තිමූර්ට එක තැනක වරදිනවා.ඒ තමයි චීන අධිරාජ්‍යයට අත තියන්න යන එක.ඒ වෙද්දි චීනය පාලනය කලේ මින්ග් රාජවංශය.තිමූර්ට වරදින්නේ ආක්‍රමණය කරන්න ඔහු තෝරගත් කාලය.තමන්ගේ සියලුම සටන් වසන්ත සමයේ සෞම්‍යය දේශගුණයේ ක්‍රියාත්මක කල තිමූර් බලවත් චීන දේශයට පහර දෙන්නේ ශීත සෘතුවේ.චීන හමුදාවන්ට හුරුපුරුදු වුනත් තිමූර්ගෙ හමුදාවන්ට එහි වූ අධික ශීතල දරාගන්න බැරිවුන නිසා චීනය හමුවේ ඔහුට සිදුවෙනවා පසුබහින්න.තිමූර්ගේ ආක්‍රමණ රැල්ලට තිත තැබෙන්නේ එතැනින්.පරාජය වෙලා ආපහු සමර්කාන්ඩ් වලට යන අතරමගදී අසනීප වුන තිමූර් මරණය වැළඳගන්නවා.අවසානයේ ඔහුහේ සිරුර ඔහුගේ රටේ අගනුවර වුන සමර්කාන්ඩ් හි සුවිසල් සොහොන් ගැබක තැන්පත් කෙරෙනවා.තිමූර්ගේ ජීවිතය එතනින් අවසන් වුනත් ලෝක බල පෙරලියට ඔහුගේ දායකත්වය එතැනින් අවසන් වුනේ නැහැ.
කාලය කෙමෙන් ගෙවිල ගිහින් වසර 500ක් පමණ ගතවුනාට පස්සේ, තිමූර් ගැන මතකය විතරක් යාන්තමින් ඉතුරු වෙලා තිබුන නවීන ලෝකයේදී තිමූර් ගැන කතාව ආයෙමත් උඩට ඇදෙනවා.ඒ ස්ටාලින්ගේ පෙරකී නියෝගයත් එක්ක.
"සෝවියට් කණ්ඩායමක් තිමූර්ගේ සොහොන විවර කරන්න සැරසේ !" උස්බෙකිස්තාන පුවත්පත් වල ඒ විදියට සිරස්තල වැටෙද්දී ඒක දැකපු සියගණනක් උස්බෙක් වැසියන් සමර්කාන්ඩ් හි තිමූර් සොහොන අසලට රැස්වෙලා මිකායිල්ගේ ගවේශන කණ්ඩායමට විරෝධය පාන්නේ ඔවුන් අතින් නිදාසිටින මාරයා අවදිවේ යැයි ස්වදේශිකයන් තුල තිබුනු බිය නිසාමයි.ඒත් ත්මන්ගේ බලතල භාවිතා කරපු රුසියානු ගවේශකයන් ස්වදේශික විරෝධය පසෙකලා ඔවුන්ගේ රාජකාරිය අරඹනවා.
සොහොන් ගැබේ පළමු දොරටුව බිඳල තිමූර් නිදාසිටින සොහොන් කුටියට වූ දෙවන හෙවත් අවසාන දොරටුව විවර කිරීමට යාම්වේදී තමයි රුසියානු ගවේශණ කණ්ඩායමට එහි වූ වැකියක් නෙත ගැටෙන්නේ.
" මගේ නින්දට බාදා කරන්නෙක් වේද ඔවුන් සොයා මටත් වඩා ප්රචණ්ඩ ආක්රමණිකයෙකු පැමිණෙනු ඇත !"
ඒ තමයි එහි ලියාතිබූ වැකිය.සුප්‍රකට තිමූර් ශාපය කියල හැඳින් වෙන්නේ මේක.මියගිය මිනිසෙකුගේ දිරාගිය සිරුරක් ඇති සොහොන් කුටියක් තුලට යාම වැළැක්වීමට තරම් ඒ වැකිය ප්‍රමාණයක් නැති බව සිතූ රුසියානු ගවේශණයන් එම දොරටුවත් බිඳල තිමූර්ගේ වසර පන්සියයක නිකැලැල් නින්ද අවසන් කරනවා.තිමූර්ගේ සිරුර සහ අනෙක් දෑ රුසියාවේ මොස්කව් නුවරට රැගෙන එනවා.
ඒත් එදායින් පස්සෙ රුසියාවේ නරක කාලය උදා වීමට තිබූ බවත් තිමූර්ගේ ශාපය සත්‍යයක් වන බවත් පාලක ස්ටාලින් හෝ ගවේශක මිකායිල් හෝ සිහිනෙන්වත් සිතන්නට නැතිව ඇති.තුමූර්ගේ සොහොන විවර කරන්නේ හරියටම 1941 ජූනි 20 වෙනිදා දහවල් දෙකට.ඉන් හරියටම දවස් දෙකකට පස්සෙ ඒ කියන්නේ 1941 ජූනි 22 වෙනිදා රාත්‍රියේ තිමූර්ගේ ශාපය ස්වාභාවිකවම ක්‍රියාවට නැංවෙමින් රුසියාවට අතිශය දරුණු මිනිසෙකු කඩා වදිනවා.
එසේ ජූනි 22 රාත්‍රියේ පූර්ව යුධ ප්‍රකාශ කිරීමකින් තොරව අනපේක්ෂිත අන්දමින් රුසියාව තුලට කඩා වැදි දරුණු මිනිසා වුනේ ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්.ඒ ජර්මානුවන්ගේ රුසියානු ආක්‍රමණ මෙහෙයුම වුන ඔපරේෂන් බර්බෝසා හරහා.
ජර්මානු ආක්‍රමණය රුසියාවට මරු පහරක් වුනා වගේම රුසියාවට ලෝක යුද්ධයට සහභාගි වන ලෙස කල අතවැනීමක්ද වුනා.කොහොම වුනත් ජර්මනිය හමුවේ රුසියානු හමුදා දරුණු පසුබෑමකට නතු වෙනවා.පියවරෙන් පියවර රුසියානුවන් පසුබස්වමින් රුසියාව තුලට පියවර තැබූ ජර්මානු හමුදාවන් අවසානයේ ස්ටැලින්ග්‍රෑඩ් (Stalingrad) දක්වාම පැමිණෙනවා.ජර්මානු ආක්රමණයත් , දෙවන ලෝක යුද්ධයට සහභාගි වීමත් නිසා රුසියානු ජීවිත මිලියන 26.6ක් විනාශ වූ බවයි කියැවෙන්නේ.තිමූර්ගේ ශාපයට අනුව රුසියාවට වඩා දරුණු ආක්රමනිකයෙකුට මුහුණ දෙන්න සිදුවුනෙ ඒ විදියට.
රුසියානු හමුදාවන්ට ජර්මන් ප්‍රහාර දිගට හරහට වදින අතරේ දිනක් ඒ වනවිට යුධ පෙරපුනේ චායාරූප ශිල්පියෙකු ලෙසින් සිටි, එදා සමර්කාන්ඩ් හි තිමූර් සොහොන ගවේශණ කණ්ඩායමේද සිටි "මලික් කයුමුව්" (Malik Kayumov) නම් තැනැත්තාට අහබෙන් හැකියාව ලැබෙනවා ස්ටැලින්ග්‍රෑඩ් සටනේ පෙරමුණේ සිටි මාෂල්වරයෙකු හමුවෙන්න.මලික්ට පුළුවන් වෙනවා එදා සමර්කාන්ඩ් වලදී තමන් දැකපු දේ ගැනත් තිමූර්ගේ ශාපය ගැනත්,මේ සියල්ලට එහි බලපෑමක් තියෙන්නට ඉඩ ඇති බවත් මාෂල්වරයාට ඒත්තු ගන්වන්නට. මාෂල්වරයාට පුළුවන් වෙනවා ඔහුගේ ඉහළ නිළධාරීන්ගේ මනසේත් මේ ශාපයේ කතාව රෝපයන කරන්න.අවසානයේ මේ විදියට අගමැති මාර්ගයෙන් පාලක ජෝසෆ් ස්ටාලින්ටත් ශාපයේ කතාව ඒත්තු ගැන්වෙනවා.සිනහ විය යුතු කරුණක් වුනත් වාර්තාවල කියවෙන අන්දමට මේ කතාව අහපු ස්ටාලින් එය අසා හාස්‍යයට ලක්කරනු වෙනුවට වඩාත් බැරෑරුම් ලෙස එය ගත්බවයි පැවසෙන්නේ.කොහොමහරි අවසානයේ ස්ටාලින්ගේ නියෝග අනුව තිමූර්ගේ දේහය නැවතත් පෙරතිබූ තැනටම යැවෙනවා.
කතාවක් තියෙනවා එහෙම සිරුර පිටමං කරන්න කලින් ස්ටැලින්ග්‍රෑඩ් යුධ බිමට ඉහළින් සිරුර රැගත් ගුවන් යානය වට කීපයක් පියාසැරි බවට.
පුදුමය කියන්නේ ඒත් සමගම යුද්ධයේ දිශානතිය සම්පූර්ණයෙන්ම අනික් පැත්ත හැරෙන එක.එතෙක් ජර්මානුවන්ට වාසියට කැරකුණු යුධ බඹරය රුසියානුවන් වෙනුවෙන් කැරකෙන්න පටන් ගන්නවා.
ලෝක යුධ ඉතිහාසයේ දැකගන්නට ලැබෙන වඩාත් දරුණුම සටනක් එසේ ආරම්භ වෙනවා.ස්ටැලින්ග්‍රෑඩ් සටන රුසියානු සෙබලුන් මිලියන 10කට මරණය ගෙන ආ සටනක්.ඒ වගේම දෙවන ලෝක යුධ සමයේ නැගෙනහිර පෙරමුණේ සිදුවූ වඩාත් වැදගත්ම සටන තමයි ස්ටැලින්ග්‍රෑඩ් සටන.හේතුව තමයි ජර්මානු පරාජයේ රැල්ල පටන් ගන්නේ එතැනින් නිසා.එදා ඒ විදියට ස්ටැලින්ග්‍රෑඩ් වලින් පහර දෙන්න පටන් ගත්තු රුසියානු රතු හමුදාවන් අවසානයේ සටන නවත්තන්නේ ජර්මනියේ බර්ලින් නුවරින්.ඒ ජර්මානුවන් සම්පූර්ණයෙන්ම පරාජය කරල.
මේ කතාවේ තවත් එක් අහම්බයක් තියෙනවා.ඒ තමයි තිමූර් චීනයේදී පරාජය වෙන්න හේතුවුනේ සිසිරයේ අධික ශීතල.ඒ වගේම ජර්මානුවන් රුසියාවෙදී පරාජය වෙන්නත් සිසිරයේදී රුසියාවෙ පැවති අධික සීතල හේතු වුනා.හරියට සිදුවීම් දෙකම ඉතිහාසයේ යුග යාකරමින් ඇදි දම්වැලක් වගේ.
කොහොම වුනත් තිමූර්ගේ ශාපය නිසා ලෝක යුද්ධය රුසියාවට එනවා.රුසියාව යුද්ධයට ආ නිසා ජර්මනිය පරාජය වෙනවා.එහිදී පරාජය වෙන්නේ ජර්මනිය කියන රටට වඩා ම්ලේච්ඡ විනාශකාරී මතවාදයක්.....!
ඇත්තෙන්ම ඉතිහාසයේ ඇතැම් දේවල් පවතිනවා කාලයේ වැලි තලාවන් අතරින් යුග යුග හරහා අතීතය වර්තමාන සහ අනාගතය හරහා දෝංකාරයක් මෙන් ඇදී යන.
ඒ නිසාම ඉතිහාසය කියන්නේ රහස් පිරුණු මංජුසාවක්.එය විවෘත කරන තෙක්ම අපි දන්නෑ ඒකෙන් එලියට එන්න බලාගෙන ඉන්නේ කොයි වගේ දෙයක්ද කියන එක.හරියට තිමූර්ගේ සොහොන වගේ.කොච්චර අකමැති වුනත් අපිට සිද්ධවෙනවා ඒ සත්‍යයට මුහුණ දෙන්න.
ඇත්තෙන්ම තිමූර්ගේ ශාපය සත්‍යයක්ද...? නැත්නම් ඒ සියල්ලම
1
1
0
0
1
0
0
0
0
3
Like
comment
Comment
share
Share
gif
Please login or register
Modal title
×
Modal title
×
Share