ඥාති ප්‍රේතයෝ තමන්ගේ ගෙය කරා පැමිණ, බිත්තියෙන් පිටත ද, දොර මුලුවල ද, හතර මං හන්දිවල ද සිටිති. එහෙත් ඒ අයගේ අකුසල කර්ම නිසා කිසි ම නෑදෑයෙක් ප්‍රණීත කන බොන දෑ ඇති අවස්ථාවල දී ඒ අය සිහි නොකරති.
මිය ගිය ඥාතීන්ට අනුකම්පා කරන්නෝ ප්‍රණීත, පිරිසිදු, කැප ආහාර පාන දන් දී ‘මේ පින් පරලොව ගිය අපගේ නෑයන්ට වේවා. ඒ ඥාතීන් සුවපත් වේවා’ (ඉදං වො ඤාතිනං හොතු - සුඛිතා හොන්තු ඤාතයො) යි පින් අනුමෝදන් කරති.
ඒ නෑදෑ ප්‍රේතයෝ පැමිණ, තමන් උදෙසා මෙසේ දන් දී පින් අනුමෝදන් කරන ඥාතීන්ට මෙලෙස සෙත් පතති. ‘නෑයන් නිසා අපට මේ සම්... moreඥාති ප්‍රේතයෝ තමන්ගේ ගෙය කරා පැමිණ, බිත්තියෙන් පිටත ද, දොර මුලුවල ද, හතර මං හන්දිවල ද සිටිති. එහෙත් ඒ අයගේ අකුසල කර්ම නිසා කිසි ම නෑදෑයෙක් ප්‍රණීත කන බොන දෑ ඇති අවස්ථාවල දී ඒ අය සිහි නොකරති.
මිය ගිය ඥාතීන්ට අනුකම්පා කරන්නෝ ප්‍රණීත, පිරිසිදු, කැප ආහාර පාන දන් දී ‘මේ පින් පරලොව ගිය අපගේ නෑයන්ට වේවා. ඒ ඥාතීන් සුවපත් වේවා’ (ඉදං වො ඤාතිනං හොතු - සුඛිතා හොන්තු ඤාතයො) යි පින් අනුමෝදන් කරති.
ඒ නෑදෑ ප්‍රේතයෝ පැමිණ, තමන් උදෙසා මෙසේ දන් දී පින් අනුමෝදන් කරන ඥාතීන්ට මෙලෙස සෙත් පතති. ‘නෑයන් නිසා අපට මේ සම්පත් ලැබුණා. ඒ අය බොහෝ කල් ජීවත් වෙත්වා’. මෙසේ ඒ දායකයන් ද ඵල රහිතයෝ නොවෙති.
ඒ ප්‍රේත ලොව ගොවිතැන්, වෙළඳාම, රන් රිදී, මුදල් ගනු දෙනු නැත. ඒ අය මිනිස් ලොව සිටින තමන්ගේ ඥාති හිත මිතුරන් විසින් දෙන පිනෙන් යැපෙති. උස් බිමකට වැටෙන ජලය පහත් බිමකට ගලා යන්නා සේ, මිනිස් ලොව සිටින්නන් අනුමෝදන් කරන පින් ඒ අයට ලැබෙයි.
මිනිස් ලොව වසන්නවුන් විසින් මිය ගිය අය සිහි කර ‘ඒ අය මිනිස් ලොව ජීවත් ව සිටිනා කල;
◼️මට මෙබඳු ධන ධාන්‍ය දුන්නෝය.
◼️මාගේ මේ මේ කටයුතුවලට උපකාර කළෝය.
◼️මාගේ නෑයෝය.
◼️මාගේ හිත මිත්රාදීන්ය’ ය.
මෙසේ කරන ලද උපකාර හා තම හිතවත්කම් සිහි කරමින් දන් දිය යුතුය.
මිය පරලොව ගිය අය ගැන සිහි කර හැඬීමෙන් හෝ වැලපීමෙන් හෝ ශෝක කිරීමෙන් ඒ අයට සිදු වන යහපතක් නැත. ඒ අය සිටිනා තැන්වල ම සිටිති. එහෙත් එසේ කරන අනුවණ නෑයෝ ද සිටිති. ඒ අය සිහි කර සංඝයා විෂයෙහි දන් දී අනුමෝදන් කළ පින්වල විපාක එසැණින් ප්‍රේතයන්ට ලැබේ. මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළ යුතු ඒ ඥාති ධර්මයයි.
මෙසේ කරන කුසල් (දාන);
◼️නෑයන්ට යුතුකම ද වෙයි.
◼️ප්‍රේතයන්ට මහත් පූජාවක් ද වෙයි.
◼️භික්ෂූන්ට බලය ලැබීම පිණිස ද වෙයි.
◼️දන් දෙන්නන්ට මහත් පිනක් ද වෙයි.
තිරොකුඩ්ඩ සූත්‍රය ඇසුරින් 👇
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලා, ඛුද්දක නිකාය 1 - පිටු අංක 14 - 17 / පෙතවත්ථුපාළි - පිටු අංක 06 – 07)
ඔබගේ එම ඉදිරිපත් කිරීමට අප a3book වෙතින් ඔබට Credit 100 ලැබෙනු ඇත