මාර්ටින් වික්‍රමසිංහ(ලාංකීය විශිෂ්ටතම ගත් කතුවරයාණෝ) | A3BOOk

මාර්ටින් වික්‍රමසිංහ(ලාංකීය විශිෂ්ටතම ගත් කතුවරයාණෝ)

ළමා හේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ (1890 මැයි 29 – 1976 ජුලි 23) ළමා හේවගේ දොන් බස්තියන් ද සිල්වා (පසුකාලීනව දොන් බස්තියන් වික්‍රමසිංහ යන නමින් හඳුන්වා තිබේ.)[1][2] සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යන යුවලට දාව දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය.මුහුද කුඩා දුපත් වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.
 
ඔහුගේ විශිෂ්ට නිර්මාන මොනවාදැයි අපි බලමු.

ළමා සාහිත්‍ය

  • බාලෝපදේශය (1903)
  • උන්මාද චිත්‍රා (1929)
  • උපාසකම්මා (1929)
  • ගලිවරායණය (1932)
  • රජවෙන්ට ගිය මහන්නා (1932)
  • දඩුමොණරය (1932)
  • රන්කෙදි කුමාරිකාව (1932)
  • ඥානෝදය කතා (1991)

ජීව විද්‍යාව

  • කුරුමිණි සත්තු (1929)
  • කුරුකුහුඹු සත්තු (1930)
  • වෙස් මාරුකරන සත්තු (1932)
  • මුහුදු වෙරළ (1932)
  • සත්ව ලෝකය (1936)
  • විද්‍යා විනෝද කතා (1957)

පාඨශාලා පොත්

  • ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය (1930)
  • සදාචාරය හා නිරෝගී සම්පත (1931)
  • පළාත් ආණ්ඩු (1933)
  • ප්‍රජා පාලන ශික්ෂා (1938)
  • සාහිත්‍ය ශික්ෂා - 02 (1938)
  • සාහිත්‍ය ශික්ෂා - 03 (1939)

නවකතා

  • ලීලා (1914)
  • සෝමා (1922)
  • අයිරාංගනි (1923)
  • ශීතා (1923)
  • මිරිගු දිය (1925)
  • රෝහිණී (1929)
  • ගම්පෙරළිය (1944)
  • මඩොල් දූව (1947)
  • යුගාන්තය (1949)
  • විරාගය (1956)
  • කලියුගය (1957)
  • කරුවල ගෙදර (1963)
  • බවතරණය (1973)

කෙටිකතා

  • ගැහැනියක් (1924)
  • මගුල් ගෙදර (1927)
  • පව්කාරයාට ගල් ගැසීම (1936)
  • අපේ විත්ති (1942)
  • හද සාක්කි කීම (1945)
  • මගේ කතාව (1947)
  • බිල්ල සහ අපූරු මුහුණ (1949)
  • වහල්ලු (1951)
  • කතා අහුර (1955)
  • තෝරාගත් කෙටිකතා (2009)
  • රන් පිළිමය (2012)
  • කෙටි කතා එකතුව ප්‍රථම භාගය (2013) (කෘති එකතු 1)
  • කෙටි කතා එකතුව ද්විතීය භාගය (2014) (කෘති එකතු 2)

දෘෂ්‍ය කාව්‍ය

  • චිත්‍රා (1940)
  • මයුරී (1944)
  • විජිතා (1953)
  • විජිතා සහ තවත් නාටක (1953)

පද්‍ය කාව්‍ය

  • තේරී ගී (1952)

ජීවිතය ඇසුරින්

  • අපේ ගම
  • උපන් දා සිට
  • උපන්දා සිට බාල විය

විදේශ සංචාර

  • සෝවියට් දේශයේ නැගීම (1962)
  • නව චීනයේ පිඹිදීම (2006)
  • ඉංදියාව ලංකාව හා නිදහස් සම්ප්‍රධාය (2018)

සාහිත්‍ය විචාර

  • ශාස්ත්‍රීය ලේඛන (1919)
  • සිංහල සාහිතෝ‍යා්දය කතා (1932)
  • විචාර ලිපි (1941)
  • ගුත්තිල ගීතය (1943)
  • සිංහල සාහිත්‍යයේ නැගීම (1945)
  • සාහිත්‍ය කලාව (1950)
  • කාව්‍ය විචාරය (1954)
  • ඇත්ත යුත්ත (1955)
  • බණ කතා සාහිත්‍ය (1955)
  • නව පද්‍ය සිංහලය (1957)
  • රසවාදය හා බෞද්ධ කාව්‍ය (1961)
  • සිංහල විචාර මග (1964)
  • නවකතාංග හා විරාගය (1965)
  • ජාතක කතා විමසුම (1968)
  • සිංහල නව කතාව හා ජපන් කාමකතා හෙවනැල්ල (1969)
  • සිංහල නාටකය හා සද කිදුරුව (1970)
  • සම්ප්‍රධාය හා විචාරය (1971)
  • ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය (1997)
  • අපේ ළමා සාහිත්‍ය (2011)
Posted in Educational on June 04 2022 at 05:44 PM
Comments (0)
No login
gif
Login or register to post your comment