හෙළයේ උසස් සංස්කෘතික හා කලා නිර්මාණයන්ගේ බිහිවීම ආරම්භ වුනේ මිහිදු හිමියන් ලක්දිවට වැඩම කොට, බුදුසසුන පිහිටුවීමෙන් පසුව ඇතිවූ, ආගමික පුනර්ජීවනයේ ප්‍රතිඵලයක් ලෙසටයි. එදා පටන් දහස් සංඛ්‍යාත ජනී ජනයා මවිත කරවමින් වැව්, අමුණු, දාගැබ් හා විහාර සංකීර්ණ ගොඩනැගුණු අතර, ඒවා විරාජමානව අදටත් දකින්නට හැකිවී තිබෙන්නේ කලින් කලට බිහිවූ රජ දරුවන්ගේ ප්‍රතිසංස්කරන වලට පින්සිදු වන්නටයි. උපන් දේශයට, තමන්ගේ ජාතියට, ආදරයක්, ආඩම්බර හැගීමක් ඇති තරුණ පරම්පරාවක් බිහිකිරීමට නම් කුඩා කල පටන් විෂයක් ලෙසින් හදාරන සමාජ අධ්‍යයනය හා ඉතිහාසය විෂයයක් බවටම හැදෑරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී, අපට උරුමකල සංස්කෘතික දායාදයන් වටහාදෙමින්, එකී එයිතිහාසික ස්ථානයන් පෙන්වාදෙමින්, අපේ මුතුන්මිත්තන්ගේ සාඩම්බර ඉතිහාසය ඔවුන්ගේ මනස තුල ගොඩ නංවාලිය යුතු වනවා. විවේකී මොහොතක විනෝදාංශයක් ලෙසටම නොව අධ්‍යාපනික සංචාරයක් ලෙසටද මෙම පුරාණ ආගමික ස්ථාන නැරබීම සදහා අප තෝරා ගතයුත්තේ ඒනිසාමයි.
එවන් වූ ප්‍රෞඩ ඉතිහාසයක තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අතීතයෙන් අපට උරුමකල තවත් එක් පුණ්‍ය භුමියකි "වට්ටාරම". පොල්ගහවෙල නගරයේ සිට කෑගල්ල දෙසට වන්නට කිලෝමීටර හතරක පමණ දුරකින්ද, කෑගල්ල නගරයේ සිට පොල්ගහවෙල දෙසට වන්නට කිලෝමීටර් හතක පමණ දුරකින්ද පිහිටි ඉඹුල්ගස්දෙණිය නම් වූ ග්‍රාමයේ මෙම සුන්දර විහාරස්ථානය පිහිටා තිබේ
ජනප්‍රවාදයේ සදහන් පරිදි ශ්‍රී ලංකාදීපයේ වැඩසිටි මලියදේව නම් වූ අවසාන මහරහතන් වහන්සේ වැඩ වාසය කොට ඇත්තේ මෙම විහාරස්ථානයේයි. එබැවින් වට්ටාරම රජ මහා විහාරස්ථානය "වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජ මහා විහාරය" නමින් ද හදුන්වනවා. එමෙන්ම මෙම පුද බිමට අතීතයේ "වට්ටාරම" යන නාමය යෙදීමට තවත් හේතුවක් වී ඇත්තේ මේ භුමියේ එවකට ආරාම සමූහයක් පැවති නිසාවෙන් බවද පැවසේ.
පොත්පත්වල සදහන් වන අන්දමට මලියදේව හිමියන් පිළිබඳව ජනප්‍රවාදයේ බොහෝ අදහස් තිබේ. දඹදිව එක්තරා අන්ධ යුවලකට ලැබුණු දරුවකු මහණ වීමෙන් පසුව ඉතාමත් සිල්වත්ව බවුන් දම් වඩමින් කාලය ගතකොට තිබේ. ඉන් පැහැදුණු ගුරු භික්‍ෂූන් වහන්සේ රන් පිළිමයක් හා බණ පොත් රාශියක් ත්‍යාග වශයෙන් මේ හිමිනමට ලබාදී තිබේ. ගුරු හිමියන් අපවත් වූ පසු මලියදේව හිමි නමින් රහත් භාවයට පත් වී අප මාතෘ භූමියට වැඩම කොට අත්තේ මෙකී හිමිනමයි. ගුරුහිමියන්ගේ අපවත්වීමෙන් පසු ලක්දිවට සපැමිණි මලියදේව මහ රහතන් වහන්සේ, ගෝඨාභය රජතුමාගේ (බු.ව. 792 පමණ - මෙම ගෝඨාභය රජු සිරිසගබෝ රජුගේ සොහොයුරකු බවට සැලකේ) උපකාර ඇතිව ගල්කණු යොදා තැනූ ආරාම සමුහයකින් සුසැදි වට්ටාරම විහාරස්ථානය වාසස්ථානය කර ගෙන වාසය කොට තිබේ. අද අප වන්දනාමාන කරගන්නේ එකී ස්ථානය බව සදහන්.
රාජ්‍ය අනුග්‍රහය කලින් කල රජදවස ලැබී තිබී ඇති මුත් පසුකාලීනව සිදුවූ යම්යම් ආක්‍රමණ හේතුවෙන් බොහොමයක් ආරාම දිරාපත් වී නටබුන් වී ඇති බවටයි සැලකෙන්නේ. එහෙත් මෑත කාලයේ සිදුවන්නාවූ නැවුම් ප්‍රතිසංස්කරණ හේතුකොටගෙන නිමකොට ඇති චිත්තාකර්ෂණීය විහාර මන්දිරයත්, පෙර පටන් පැවත එන සුවිසල්, පෞරාණික බෝධීන් වහන්සේත්, චෛත්‍යයත් නිසා මෙම පුදබිමට ඓතිහාසික මෙන්ම, සංචාරක වශයෙන්ද ඉතා වටිනාකමක් ප්‍රදානය වී තිබේ.
රාජ්‍ය අනුග්‍රහය කලින් කල රජදවස ලැබී තිබී ඇති මුත් පසුකාලීනව සිදුවූ යම්යම් ආක්‍රමණ හේතුවෙන් බොහොමයක් ආරාම දිරාපත් වී නටබුන් වී ඇති බවටයි සැලකෙන්නේ. එහෙත් මෑත කාලයේ සිදුවන්නාවූ නැවුම් ප්‍රතිසංස්කරණ හේතුකොටගෙන නිමකොට ඇති චිත්තාකර්ෂණීය විහාර මන්දිරයත්, පෙර පටන් පැවත එන සුවිසල්, පෞරාණික බෝධීන් වහන්සේත්, චෛත්‍යයත් නිසා මෙම පුදබිමට ඓතිහාසික මෙන්ම, සංචාරක වශයෙන්ද ඉතා වටිනාකමක් ප්‍රදානය වී තිබේ.