වයිරසය  සම්ප්‍රේෂණය වන්නෙ මදුරුවන් විශේෂ  දෙකක්  වන    
Aedes aegypti සහ  Aedes  albopictus  මගිනි .  මිනිසාට  මෙය  සම්ප්‍රේෂණය වන්නෙ  ආසාදිත ගැහැනු මදුරුවෙකු මාර්ගයෙනි.
Aedes  මදුරුවො කුඩා සිට මධ්‍යම  ප්‍රමාණයෙන් යුක්ත තද පැහැතිය.මෙ මදුරුවන්ගෙ  දේහය මතුපිට සුදු පැහැති  පටි දැකිය හැකි අතර දේහයේ  හා පාදවල මේ පටි හෝ තීරුවල සැකැස්ම වෙනස් වේ.
පරිසර තත්ත්ව මත ඔවුන් සති 2-4 ක පමණ කාලයක් ජීවත් වෙයි.ජීවන චක්‍රය බිත්තර ,කීටයා,පිලවා සහ සුහුඹුලා ලෙස අවස්ථා හතරකි.සුහුඹුල් ගැහැනු මදුරුවන් තෙත බදුන් වල ජල මට්ටමෙන් ඉහල ඇතුළු පෘෂ්ඨයේ තනි තනිව  බිත්තර  දමන  අතර  වඩාත් ප්‍රියකරන්නෙ පිරිසිදු  ජලයටයි. ආරම්භයේ බිත්තර  සුදු පැහැති  වන  අතර , බිත්තර  දමා විනාඩි කිහිපයක් ඇතුලත ඒවා දිලිසෙනසුලුකලු පැහැයක් ගනි. මේ බිත්තර  සිනිදු ,දිගටි සහ ඕවලකාර හැඩයෙන් යුක්ත 1mm පමණ  දිගය.බිත්තර  පිපිරී  දින් දෙකක්  ඇතුලත  කීටයන් බවට පත්ව  ජල පෘෂ්ඨයේ ආනතව රැදී සිටි .
බිත්තර  පිපිරුනෙ නැත්නම් මාස 6ක්  රැදී  සිටිය හැකිය.
            
            
        menu
        menu
        Menu
    
    
